Jun 26, 2019

නාලක ද සිල්වාගේ නඩුව කල් යයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධ නඩුව ලබන ඔක්තෝබර් 02 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනයට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව මෙම නඩුව කැඳවා ඇත.

මෙම සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රකාරව වැරදි සිදු කර ඇත්දැයි ද යන්න සම්බන්ධයෙන් නීතිපතිගේ උපදෙස් ලබා ගැනීමට නඩුවේ උද්ධෘත නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇතැයිද එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top