OPEN

#

OPEN

#

Jun 27, 2019

ගෝඨාට එරෙහිව ඇමරිකානු අධිකරණයක නඩු 10ක් දාලා Featured

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට පැමිණිලි 10ක් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (26) දිනයේදී අදාල පෙත්සම් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අදාල පැමිණිලි 10 ඉදිරිපත් කළ පුද්ගලයින් අතර දෙමළ ජාතිකයින් 08 දෙනෙකු සහ සිංහල ජාතිකයින් දෙදෙනෙකු සිටින බවත් ඒ අතර කාන්තාවන් තිදෙනෙකු සිටින බවත් එම වාර්තාවල සදහන්ව තිබේ.

ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය නම් නීති සමාගමක් සමග එක්ව මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇති බව පැවසේ.

2005 – 2015 අතර කාලයේ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී සිදු වූ බව කියන සිදුවිම් කිහිපයක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි පැමිණිලි ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

අදාළ පැමිණිලි ඇමරිකානු අධිකරණයක් හමුවේ ගොනුකර ඇත්තේ ඒ මහතා ඇමරිකානු පුරවැසියෙකු බැවිනි.

පසුගිය අප්‍රේල් මාසයේ ද ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පුද්ගලයින් තිදෙනෙකු විසින් අමෙරිකානු අධිකරණයක් හමුවේ පැමිණිලි ගොණු කර තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top