Jun 27, 2019

බේරේට සුද්දයක් දාන්න මිලියන 800 ක ආයෝජනයක් !

රොන් මඩ ඉවත් කිරීම හා සෝදා හැරීම මගින් බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 800ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

මෙම යෝජනාව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළේය.

බේරේ වැවේ රොන් මඩ ඉවත් කිරීම, බේරේ වැවේ වාන් මඟ ප්‍රතිසංස්කරණය කිරීම, ජලයේ ගුණාත්මක බව පරීක්ෂා කිරිම හා බේරේ වැවේ ඝන අපද්‍රව්‍ය හා දූෂක පැතිරීම වැළැක්වීම මේ හරහා අපේක්ෂා කරයි.

ඒ අවට පරිසරය වඩාත් ආකර්ශනීය ලෙස සකස් කර වැව් ජල පද්ධතිය ආරක්ෂා කර ගැනීම මෙහි ප‍්‍රධාන අරමුණ වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top