Jun 27, 2019

අවශ්‍ය විටක මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට සූදානම්

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදු කළ ඕනෑම අවස්ථාවක එය ක්‍රියාත්මක කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බවද බන්ධනාගාර කොමසාරිස් ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා සදහන් කර ඇත.

එල්ලන අය අතර පාකිස්තානුවෝ 

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවේ දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින රැඳවියන් 458 ක් සිටින බව වාර්තා වේ.

රැඳවියන් 1,178 දෙනෙකුට මරණ නියම වී ඇතත් ඔවුන්ගෙන් 720 දෙනෙකු මේ වට විට එම නඩු තීන්දුවලට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව දෙපාර්තමේන්තු අරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔවුන්ගෙන් 30 දෙනෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට වැරදිකරුවන් වී ඇත. මේ 30 දෙනා අතරින් 12 දෙනෙකු අදාළ දඬුවමට එරෙහිව අභියාචනා ගොනුකර තිබේ.

මරණීය දණ්ඩනය නියම කිරීමට නියමිත වැරදිකරුවන් 18 දෙනා අතර කාන්තාවක් සහ පාකිස්තාන ජාතිකයන් සිව්දෙනෙක් සිටිති.

සිවුදෙනෙකුට මරණීය දණ්ඩනය දෙන්න අත්සන් කලා

මරණ දඩුවම ලබාදීමට මේ වන විට තමා අත්සන් කර ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26) ප්‍රකාශ කළේය.

එම දඩුවම ලබාදෙන දිනයද තමා දන්වා ඇතැයි හෙතෙම කියා සිටියේය.

මේසේ මරණ දඩුවම ලබාදෙන්නේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූ අය බවද කියා සිටි ජනාධිපතිවරයා මේ කාරණාව මරණ දඩුවම හිමිවීමට නියමිත අය හෝ තවමත් නොදන්නා බවද ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top