Jun 27, 2019

ලංකාව හෙට එන්නේ තරම දැන ගෙනයි Featured

දකුණු අප්‍රිකාව සමග තරගයට ශ්‍රී ලංකාව හෙට (28) වැනිදා පිවිසෙන්නේ ඔවුන්ගේ තරම දැනගෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.

මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා පිල චෙස්ටර් ලී හී පිහිටි රිවර් සයිඞ් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් සිදුකරමින් සිටියදී ඔහු මෙම අදහස් පළ කර සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"අපි ප්‍රධාන අවධානය යොමු කරලා තියෙන්නෙ මේ තරගය සඳහා. මේ තරගයේදී අපි පළමුව පිති ප්‍රහාරය දියත් කළත් පන්දු යැව්වත් හොඳ ආරම්භයක් ලබා ගත යුතුයි. ඒ වගේම තරගය පුරාම අපි තරගයේ රැදි සිටිය යුතුයි මොකද කිසිම අවස්ථාවක තරගය අතහරින්න බැහැ. මෑත කාලයේදී අපි දකුණු අප්‍රිකාව සමග තරග කිහිපයක් ක්‍රීඩා කරලා තියෙන නිදා ඔවුන් ගැන හොඳට දන්නවා. ඔවුන්ගේ ඉන්න හොඳම ක්‍රීඩකයන් කවුරුන්ද යන්න අවධානය යොමු කරලා තියෙන්නෙ. ඒ ක්‍රීකයන් පුළුවන් තරම් තරයෙන් ඈත් කරලා තියන්න තමයි සැලසුම් කරන්නෙ. එංගලන්ත තරගය මෙන් අපේ සියලූම ක්‍රීඩකයන් දක්ෂතා දැක්විය යුතුම වෙනවා.

දකුණු අප්‍රිකාව සමග තරගයේදී කාසියේ වාසිය ඉතාමත් වැදගත්. මොකද අපි නවසීලන්තය සමග තරගයේදී කාසියේ වාසිය පරාද වුණා. එංගලන්තය සමග තරගයේදී කාසියේ වාසිය දිනා ගත්තා. තණතිල්ල සවස් වෙනකොට තෙත ගතියක් තියෙනවා. කඩුල්ල මන්දගාමී වුවහොත් ලකුණු හඹා යෑම පහසු වෙන්නේ නැහැ.ලෝක කුසලාන වැනි තරගාවලියකදී සැම විටම ක්‍රීකයන්ට නැවුම් බවකින් තරග වැදිය යුතුය. එංගලන්තය සමග පැවැති තරගයෙන් පසුව ශ්‍රී ලංකා පිලට දින හයක විවේකයකින් පසුව දකුණු අප්‍රිකාව මුණ ගැසේ. අදාළ කාලයේදී ශ්‍රී ලංකා පිලට විනෝද වීමට දින දෙකක කාලයක් ලබා දුන්නා.

අපිට දකුණු අප්‍රිකාව සමග තරගයට පෙර දින හයක දිග විවේකයක් ලැබුණා. හැම තිස්සෙම පුහුණුවීම් කරමින් සිටියා. නමුත් දින දෙකක විවේකයක් ක්‍රීඩකයන්ට ලබාදුන්නා එංගලන්ත තරගයෙන් පසුව. ඔවුන්ට එවිට නැවුම් බවකින් තරග වැදිය හැකියි. ඒ දින දෙකේදී ක්‍රීඩකයන් හොඳ හැටි විනෝද වුණා."

ශ්‍රී ලංකා පිල ලෝක කුසලානට පෙර සහභාගි වූ අවසන් තරගාවලියද දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තද එක්දින තරගාවලිය පරාජයට පත්වූ අතර ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාව සමග පුහුණු තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකාව එම තරගයද පරාජයට පත්විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top