Connect with us

පුවත්

2022දී දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම ආදායම මෙන් දෙගුණයක්

Published

on

ඉකුත් වසරේදී (2022) දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 2.6 ක් වූවත්, අතිකාල දීමනා සහ වැටුප් සඳහා රුපියල් බිලියන 7.7 ක් වැයවී ඇතැයිද  කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,ප්‍රවාහන,මහාමාර්ග,ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේබව කීවේය.

දෙපාර්තමේන්තුව 2014 වසරේදී රුපියල් බිලියන 47 ක අලාභයක් ලබා ඇතැයිද, විවිධ පැලැස්තර යොදා එම අලාභය 2021 වසරේදී රුපියල් බිලියන 37 ක් දක්වාද, ඉකුත් වසරේදී (2022) රුපියල් බිලියන 32 ක් දක්වාද අඩුකර ගැනීමට හැකිවූ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් නොකළහොත් එය විකිණීමට සිදුවනු ඇතැයිද ඇමැතිවරයා කීය.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව සතුව අක්කර 14,000 ක ඉඩම් ප්‍රමාණයක් තිබෙන බවත්, එම ඉඩම් සම්බන්ධයෙන් පෞද්ගලික අංශයෙන් යෝජනා ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීය.

පුවත්

අහුංගල්ල පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු වැලිඔයේදී අත්අඩංගුවට

Published

on

By

අහුංගල්ල, ලෝකන්වත්ත ප්‍රදේශයේදී පසුගිය 08 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වැලිඔය වෙහෙරතැන්න, බෝගස්වැව ප්‍රදේශයේදීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරන්නේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ වව්නියාව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි වෙහෙරතැන්න බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අදාළ වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.   

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

Published

on

By

පාර්ලිමේන්තු මාර්ගයේ සිට ගමනකින් පැමිණි පිරිසක් නෙළුම් මාවතට ඇතුළු වීමට උත්සාහ දැරීමත් සමගයි මෙම  උණුසුම් තත්ත්වය ඇතිව තිබේ.

“රට වනසන පනත් පරාජය කරමු” මැයෙන් සංවිධාන කිහිපයක් එක්ව පාර්ලිමේන්තුව අසළ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම්මාවත පරිශ්‍රය දක්වා විරෝධතා පාගමනක් පැවැත්විණි.

නෙළුම්මාවතට ඇතුළුවන මාර්ගය අසළදී පොලිසිය ඔවුන්ට බාධා කිරීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගැනීම සිදුවිය.

පොදුජන පෙරමුණු කාර්යාලයේ කිහිප දෙනෙකු සහ ඩෑන් ප්‍රියසාද් ද එම ස්ථානයට පැමිණීමත් සමග විරෝධතාකරුවන් ඔවුන්ට ද විරෝධය පළකර තිබේ.

Continue Reading

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ (2024-05-27) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත.

එම තීරණ මෙසේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved