Connect with us

පුවත්

2023 උ/පෙළ කල්දමයි ; සංශෝධිත දින ලබන සතියේ

Published

on

2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය සංශෝධනය කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

එම නිවේදනය විභාග කොමසාරිස්වරයාට දැනුම් දී ඇති බවත් විභාග කොමසාරිස්වරයා විසින් ලබන සතිය තුළ උසස් පෙළ විභාගය පැවැත්වෙන නිශ්චිත දිනය දැනුම් දෙනු ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

පාර්ලිමේන්තුව තුළ මැති ඇමැතිවරුන් විසින් මෙම විභාගය පැවැත්වීම කල් දමන්නැයි කරන ලද ඉල්ලීම් සහ උසස් පෙළ විභාගයට මුහුණ දෙන් සිසුන්ගේ ගැටලු ද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව අධ්‍යාපන ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

“2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි දක්වා කල්දැමීමෙන් ඇතිවිය හැකි තත්ත්වයන් අපි සැලකිල්ලට ගත යුතුව තිබේ. එසේ කළහොත් 2024 මාර්තු, අප්‍රේල් පැවැත්වීමට සැලසුම් කරලා තියෙන 2023 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි, ජූනි දක්වා කල්දැමීමට සිදුවනු ඇත. 2023 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම 2024 ජූලි මාසයේ දී සිදුවනු ඇත. 2024 ජූලි මාසයේ දී ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු 2024 අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ට මෙවර මෙන්ම අමතර කාලයක් ලබාදීමට සිදුවනු ඇත. එසේ වුවහොත් 2024 උසස් පෙළ දෙසැම්බර් හෝ 2025 ජනවාරි දක්වා කල්යනු ඇත. ඒ අනුව දැනටමත් අධ්‍යාපන පද්ධතියේ මේ වනවිට ඇතිව තිබෙන පසුබෑම නිවැරදි කරගැනීම තවදුරටත් පමාවනු ඇත. පාසල් විභාග අක්‍රමවත් වීමෙන් පාසල් කාලසටහන් ද ප්‍රමාද වීමට ඉඩඇත. ඒ අනුව පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කරගැනීම ද දින කිහිපයක් කල්යනු ඇත. උසස් පෙළ ප්‍රමාද කිරීමෙන් 11 සහ 12 ශ්‍රේණිවල ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් යම් කාලයක් රැඳී සිටිම හේතුවෙන් පන්ති කාමර ඉඩකඩ ප්‍රශ්නයක් ඇති වේ. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීමෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ද ප්‍රමාද වේ. “

පුවත්

කොළඹ පුරපතිනිය වැඩ අරඹයි (වීඩියෝ)

Published

on

By

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.

2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පෙරේදා (16) දින තේරී පත්වූවාය.

ඇය නගරාධිපති තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් දිනා ගනිමින් කොළඹ 26 වන පුරපතිනිය බවට පත්වුණි.

ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක්වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය වේ.

Continue Reading

පුවත්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළ බිහිසුණු අනතුර  (ඡායා)

Published

on

By

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුර අද (18) උදෑසන සිදුව ඇති අතර, අනතුරින් පසුව කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණි.

අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ඡායා – Accident 1st

Continue Reading

පුවත්

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

Published

on

By

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved