2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකන වනිඳු හසරංග ඉවත් කිරීමට ක්‍රිකට් බලධාරීන් අවසන් මොහොතේ තීරණය කර තිබේ.
ඒ, ඔහුගේ ආබාධ තත්ත්වය සැලකිල්ලට ගෙනයි.
මේ අනුව, 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට එක් වන ශ්‍රී ලංකා සංචිතය මෙසේය :
——————————————–
(පෙර පුවත : 2023 සැප්තැම්බර් 26, පෙ.ව.11:11)
2023 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම් කර ඇත.
ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි දසුන් ශානකගේ නායකත්වයෙන් කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නම් කළ මෙම සංචිතය සඳහා කුසල් මෙන්ඩ්ස්, කුසල් ජනිත්, පැතුම් නිශ්ශංක,දිමුත් කරුණාරත්න,චරිත් අසලංක,ධනංජය ද සිල්වා,සධීර සමරවික්‍රම,කසුන් රාජිත,දුනිත් වෙල්ලාලගේ,මතීෂ පතිරණ හා ලහිරු කුමාර ඇතුළත් වේ.
මේ අතර ශාරීරික යෝග්‍යතාවය මත වනිඳු හසරංග,මහීෂ් තීක්ෂණ හා ඩිල්ෂාන් මධුෂංක නම් කර ඇති අතර අතිරේක ක්‍රීඩකයන් ලෙස චාමික කරුණාරත්න හා දුෂාන් හේමන්ත නම් කර ඇත.
ලබන මස 05 වනදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.