Jul 06, 2019

මධුෂ්ගේ කුඩුවලට ඒකාබද්ධයේ මන්ත්‍රී කෙනෙක් අහුවෙන ලකුණු

මාකඳුරේ මධූෂ් විසින් කරන ලද හෙළි කිරීම්වලට අනුව මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට සැක කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාතෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නකු බව පැවසේ.

පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් විසින් මේ සම්බන්ධ විමර්ශන පවත්වන අතර, මධුෂ් සමඟ සම්බන්ධකම් පැවැත්වූ දේශපාලනඥයන් රැසක් ගැනද මේ පරීක්ෂණවලදී තොරතුරු හෙළිව තිබේ.

ඒ අය අතර ආණ්ඩුවේත් විපක්ෂයේත් දේශපාලනඥයන් 7 දෙනකු සිටින බව ඇමති රාජිත සේනාරත්න මහතාද පවසා තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top