Jul 06, 2019

"ඇයි ඔහේට බැරිය ජනපති වෙන්ඩ?” මංගලගෙන් බන්දුල අසයි ! Featured

එජාපයට ඉදිරි ජනපතිවරණය දිනා ගතයුතුම නම් එයට හරියටම හරියන අපේක්ෂකයා එජාපයේ සිටින නිර්භය නායකයා මංගල සමරවීර ඇමතිවරයා බවට ප්‍රවීන දේශපාලන විචාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා මිරර් අප විසින් අනාවරණය කිරීමත් සමඟ එය මේවන විට සමාජ මාධ්‍ය තුළ තියුණු සංවාදයකට ලක්ව තිබේ.

මේ අතර, කොම්රෙඩ් වෙබ් අඩවියකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සම්මුඛ සාකච්ජාව මෙහෙයවූ විමල් කැටිපෙආරච්චි මහාතා මංගල සමරවීර මහතාගෙන් ජනාධිපති හීන නැත්දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මංගල සමරවීර මහතා දේශපාලනය කරන සෑම අයෙකුටම ජනපතිවීමේ සිහිනයක් ඇතැයි පැවසීමත් සමඟ මේ තත්ත්වය තවත් තීවුරුවී ඇත.

කාව්‍ය රචක, ප්‍රියන්කාරගේ බන්දුල ජයවීර එම සංවාදයට එක්වෙමින් මෙසේ විමසීමක් කර ඇත.

''ඇයි ඔහේට බැරිය ජනාධිපති වෙන්ඩ?(එහෙම වෙනවට මම නම් කැමතියි ! ගෝත්‍රික, මූලධර්මවාදීන්ට "හනේ හපෝයි!" කියැවෙන්ඩ!?)

ඊට ප්‍රතිචාර දක්වා ඇති සාහිත්‍ය විචාරක ජයසිරි අලවත්ත '' මංගල, මාතර නිසාද මචෝ ..'' කියා විමසා සිටියි.

ජයසිරිගේ සටහනට පිළිතුරු දක්වා ඇති මාතර බන්දුල ජයවීර මෙසේ සටහන් කර ඇත.

''නෑ! ඌ තමයි මට පෙනෙන හැටියට දැනට ශ්‍රී ලංකාවේ සිටින දේශපාලනික වශයෙන් MODERN ම කොල්ලා ! ( මාතර වීම අදාළ ම නොවේ !)''

ඊට යළිත් ප්‍රතිචාර දක්වා ඇති ජයසිරි අලවත්ත, ''කොල්ලෙක් නොවුනත් එකඟයි මචං ..'' යයි සඳහන් කර ඇති අතර මංගල ඇමතිවරයා ඇමති සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන වැඩිදුරටත් මෙසේද සටහන් කර තිබේ.

''මංගල අවංකකමට එහෙම කියනවා ඇති. හැබැයි මම හිතන්නෙ මංගල තමන්ගෙ දේශපාලන ජිවිතයෙදි ගන්න තකතීරුම තීරණය මේක. මංගල වගේ නව ලිබරල්වාදි චින්තනයක් තියෙන, වචනයේ පරි සමාප්ත අර්ථයෙන් ම ‘‘දේශපාලනඥයෙක්‘‘ වෙන කෙනෙක් මෙහෙම ප්‍රකාශයක් කරනවානම් ඉතිං... අනේ මංදා හිතට එන ඒව ලිව්වොත් හුඟක් දෙනෙක් අමනාප වේවි...'

ඒ අතර මෙම සංවාදයට එක්ව ඇති මාධ්‍යවේදී සම්පත් සමරකෝන්, ''පසුගිය දවස්වල ඇතැමුන් මීක් නැති වෙලාවක නොබියව සිය මතය ප්‍රකාශ කල මංගල, දැන් නම් ඉවරවෙන්න ද යන්නේ?'' යයි විමසා සිටියි.

රාජපක්ෂලාගේ මතවාදයට අභියෝග කළ හැකි යු.එන්.පී.කාරයා ?

මේ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම දේශපාලන විචාරකයකු වන කුසල් පෙරේරා නැවතත් ෆේස්බුක් සටහනක් තබමින් මෙසේ සඳහන් කර ඇත.

''සිංහලෙන්ම කිව්වොත් රාජපක්ෂ දේශපාලනයට අභියෝග කළ හැකි එකම නිර්භය දේශපාලනඥයා යු.ඇන්.පිට ඉන්නෙ මංගල විතරයි. එයාව ජනාධිපති අපේක්ෂක කළොත් සටනක් දෙන්න පුළුවන්''

මේ අතර, අමාත්‍ය මංගල සමරවීර මහතා එළැඹෙන ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදය හා සහාය ඔස්සේ සජිත් ප්‍රේමදාස මහතා තරඟ කරනු ඇති බව පැවසුවද කුසල් පෙරේරා ඊට විරුද්ද මතයක් දරමින් එජාපයේ හම්බන්තොට නායකත්වය දුන් සජිත්ගේ අසාර්ථකත්වය ගැනද සටහනක් තබා තිබේ. (එය පහත දැක්වේ.)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top