Jul 07, 2019

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට !

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (08) දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 9.30ට මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ලබන සිකුරාදා විවාදයට ගැනීමට නියමිත ඉඩම් විශේෂ විධිවිධාන පනත පිළිබදව මෙම පක්ෂ නායක රැස්විමේ දී අවධානය යොමුකිරීමට නියමිතයි.

අදාළ පනත සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති බැවින් එම පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය නොපැවැත්වීම පිළිබද මෙහිදි සාකච්ඡා වනු ඇති.

අදාළ පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට හේතුව සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරිමක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top