Jul 07, 2019

මින්පස්සේ ඡාතියට - ආගමට පක්ෂ හදන්න බෑ

ජාති හා ආගම් පදනම මත පිහිටුවන දේශපාලන පක්ෂ මින් ඉදිරියට ලියාපදිංචි නොකිරීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

මෙවැනි පක්ෂ පිහිටුවීමෙන් දේශපාලන වශයෙන් මෙන්ම ආගමික හා සමාජීය වශයෙන්ද විවිධ ප්‍රශ්න ඇතිවීමේ ප්‍රවණතාව හේතුවෙන් මේ පියවර ගත් බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පවසයි.

මේ අතර දැනට ජාතිවාදී හා ආගම්වාදී පදනමින් පිහිටුවා ඇති පක්ෂවල නම් ද ඇතැම් දේශපාලන පක්ෂ මේ වනවිට වෙනස් කර ගනිමින් සිටින බව ද ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top