Jul 07, 2019

අන්තවාදී පිල් තර්ජන නිරීක්ෂණයට නව හමුදා ඒකකයක් Featured

ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායම් සහ දේශීය ආගමික අන්තවාදීන්ගේ තර්ජන තක්සේරු කිරීම සඳහා රජය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් පිහිටුවීමට සැලැසුම්කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත පිහිටුවීමට නියමිත මෙම ඒකකයේ ප්‍රධානත්වය දරන්නේ උතුරු යුද හමුදාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටියාරච්චි මහතා බවද පැවසේ.

යාපනය දිස්ත්‍රික් හමුදා ආඥාපති ලෙස කටයුතු කළ දර්ශන මහතා කොළඹට මාරු කර ඇති අතර, උතුරට නව ආඥාපතිවරයකු පත්කර ඇති බවද පැවසේ.

නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ විශේෂ පුහුණුව ලත් සියයක් පමණ පිරිස් මේ ඒකකයට අනුයුක්ත කිරීමට නියමිත බවද වාර්තා වේ.

ඒකකයේ බලතල ඇතුළත් ගැසට් නිවේදනයක් ළඟදීම නිකුත් කිරීමට නියමිතය.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top