Jul 07, 2019

මීළඟ ජනාධිපතිට විධායක බලය නෑ : එම ධූරය නාම මාත්‍රිකයි (වීඩියෝ)

මීට පෙර ජනාධිපති වෙනස් කළ විට මුළු රාජ්‍යම වෙනස්වුවද, අද තත්ත්වය සපුරා වෙනස් බවත්, අද ජනාධිපතිට විධායක බලය නැතැයි ද රාවය පුවත්පතේ හිටපු කර්තෘ හා දේශපාලන විචාරක වික්ටර් අයිවන් මහතා කියයි.

අද විධායක බලය ගොස් ඇත්තේ අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයක් වෙතට ගොස් ඇතැයි මාතර රුහුණ විශ්ව විද්‍යාලයේ රවින්ද්‍රනාත් තගෝර් ශ්‍රවණාගාරයේදී අද (07) එළිදැක්වුණ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලනයේ දශක තුනක් අළලා රචිත 'මංගල සමරවීර’ පොතේ මුඛ්‍ය දේශනය කරමින් අයිවන් මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටක් ප්‍රශ්නකර සිටියේ විධායක බලයක් අනාගත ජනපතිට නොවන්නේ නම් නාම මාත්‍රික ජනාධිපතිවරයකු තෝරා ගැනීමට මෙතරම් මුදල් වැය කරන්නේ මන්දැයි එහි ඔහු දේශපාලඥයින්ගෙන් ප්‍රශ්න කර සිටියේය.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top