OPEN

#

OPEN

#

Jul 08, 2019

රටපුරා ඇති ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ප්‍රමිතියට නෑ (වීඩියෝ) Featured

ලංකාව පුරා බෙදාහරිනු ලබන ඔක්ටේන් 92 පෙට්ට්‍රල් නියදි පරීක්ෂා කිරීමේදී එම නියදි අදාල ප්‍රමිතියට නොමැති බව හෙළිවී ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය කියා සිටී.

එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ ඉකුත් ( 2019) පෙබරවාරි මෙසයේදී සිය සංවිධානය විසින් ලංකා IOC සමාගම විසින් පාරිභෝගිකයින්ට අලෙවි කරනු ලබන පෙට්ට්‍රල් තත්වයෙන් බාලබවට පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

ඒ අනුව පාරිභෝගික අධිකාරිය විසින් IOC සමාගම විසින් අලෙවි කරනු ලබන පෙට්ට්‍රල් වර්ග කිහිපයක නියදි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ පිරිපහදුවේ පිහිටා ඇති රසායනාගාරය වෙත ලබා දී ඇති ඇති අතර 2019/03/23 දින එම නියදි පරීක්ෂා කර ඇති බවත්, එම පරීක්ෂනවලින් ඔක්ටේන් 92 පෙට්ට්‍රල්වල ඔක්ටේන් ප්‍රතිශතය 90.5% ක් ලෙස පහල අගයක් ගෙන තිබූ බව ඔප්පු වී ඇති බවයි.

පසුගිය (2019) මාර්තු 23 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් IOC සමාගම අලෙවි කළ ඔක්ටේන් 92 පෙට්ට්‍රල්වල නියැදි පරීක්ෂාකර ලබාදුන් වාර්තාව පහත දැක්වේ.
final report 92 oct

මෙම නියදි ලබා ගෙන ඇත්තේ IOC ඉන්ධන පිරවුම්හලකින් වුවුද එම පිරවුම්හලට ඉන්ධන ලබා දී ඇත්තේ ලංකා ඛණිජතෙල් සංස්ථාවේ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් විසින් බවද ඔහු අනාවරණය කර සිටී.

ඊට හේතුව ලෙස ඒ මහතා පෙන්වා දෙන්නේ IOC සමාගමේ ඉන්ධන ගබඩා තිකුණාමලයේ පිහිටුවා ඇති නිසා කොළඔ පිහිටි IOC ඉන්ධන පිරවුම්හල් සදහා ඉන්ධන බෙදාහරිනු ලබන්නේ ඛණිජතෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථාන තුලින් වීමය.

ඒ වෙනුවට තිකුණාමලය ආශීත ප්‍රදේශ සදහා IOC සමාගම විසින් ලංකා ඛණිජතෙල් සංස්ථාවේ ඉන්ධන හල් සදහා ඉන්ධන බෙදා හැරීම සිදු කරනු ලබන බව පැවසේ.

තත්වයෙන් බාල නිසා මීට පෙර ඛණිජතෙල් සංස්ථාව වීසින් 90 ඔක්ටේන් පෙට්ට්‍රල් අලෙවිය නවතා දමා 92 ඔක්ටේන් පෙට්ට්‍රල් වෙළදපොළට හදුන්වා දෙන ලදී.

එහෙත් පාරිභෝගිකයින් නොමග යවමින් මේ වන විටත් 92 ඔක්ටේන් පෙට්ට්‍රල් ලෙස පාරිභෝගිකයා මිලදී ගනු ලබන්නේ 90 ඔක්ටේන් පෙට්ට්‍රල් බව මෙමගින් ඔප්පුවී තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා මෙලෙස අදහස් පළ කර සිටියේය.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top