Jul 10, 2019

ගණපූර්ණය හා කථිකයෝ නැතිවීමෙන් විශ්වාසභංග විවාදය දියාරු වෙයි Featured

ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුවට, කැබිනට් මණ්ඩලයට සහ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනා විවාදය සවස 7.00 වන තෙක් පැවැත්වීමට සැලැසුම්කර තිබුණද සභාවේ ගණපූර්ණය හා කථිකයෝ නොමැතිවීමෙන් එය කලින් අවස්න් කිරීමට සිදුව තිබේ.

වරක් ගණපූරණය නොමැතිවීමෙන් විවාදය කල් තැබීමෙන් පසුව සීනුව නාද කර නැවත ගණපූරණය ඇති කර ගෙන සභාවේ කටයුතු ආරම්භ කළද, ඉන් පසුව කථිකයන් නොමැති ව නැවතත් සභාව කල් දැමීමට සිදුව තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට ආණ්ඩුව අපොහොසත්වූයේය යන පදනම මත ගෙනා මේ විශ්වාස භංග යෝජනාව අද (10) හා හෙට (11) විවාදයට නියම කොට තිබිණි.

විශ්වාශ භංග යෝජනාවක් විවාද කිරීමේදී ගණපූරණය පවත්වා ගැනීමේ වගකීම ඇත්තේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාටය.

මෙහිදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සඳහා විනාඩි 198 බැගින් වෙන් කර තිබූ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මන්ත්‍රීවරයා විසින් ඒ සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන් 17 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කොට තිබිණි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 17 දෙනෙකුගේ නම් ඉදිරිපත් කොට තිබිණි.

විවාදය හෙට (11) පෙරවරුවේ යළි ඇරඹීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top