Jul 11, 2019

පාස්කු ප‍්‍රහාරය නිසා සත්තු බඩගින්නේ Featured

දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු සත්වෝද්‍යාන වලට සංචාරකයින්ගේ පැමිණීම සියයට 95කින් පමණ පහත වැටී තිබීම හේතුවෙන් එහි සතුන්ට ආහාර ලබාදීම සදහා අවශ්‍ය මුදල් සොයා ගැනීම ගැටළුවක් වී ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන දෙහිවල, පින්නවල, ගෝනපොල, හම්බන්තොට හා වාගොල්ල යන සත්වෝද්‍යාන වල ආදායම් මෙලෙස පහත වැටී ඇත්තේ ඉකුත් අප්‍රේල් මස බෝම්බ ප්‍රහාර වලින් පසුව බවද පැවසේ.

සතුන්ගේ ආහාර සදහා පමණක් දිනකට රුපියල් ලක්ෂ හයක පමණ මුදලක් වැය වන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සත්වෝද්‍යාන වල ආදායම් නොතිබීම හේතුවෙන් සත්ව ආහාර සදහා මුදල් මහා භාණ්ඩාගාරය හරහා ලබා ගැනීමට සිදුවී ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිළධාරියෙකු පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top