Jul 11, 2019

ඩොලර් මිලියන 207ක් ණය ශ‍්‍රී ලන්කන්ටත් තෙල් සංස්ථාව අනතුරු අඟවයි Featured

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමට ද ඉන්ධන ලබා දීමට හැකි වන්නේ තවත් මාස 02ක් පමණක් බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි.

ඒ ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම ද ඛණිජ තෙල් සංස්ථාව විසින් ලබා දී ඇති ණය සීමාව ඉක්මවා යාමට ආසන්න වීම හේතුවෙන් බවද පැවසේ.

ඛණිජ තෙල් සංස්ථාව විසින් ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමට ඉන්ධන ලබා දෙන ණය සීමාව අමෙරිකානු ඩොලර් මිලියන 207ක් වන බවද මේ වනවිටත් එම ණය සීමාව ආසන්නයට ඉන්ධන සපයා ඇති බවද ඛණිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පවසා ඇතැයි වාර්තා වේ.

ලංවිම තෙල් සංස්ථාවට කෝටි 8000ක් ණයයි

විදුලිය ජනනය කිරීම සඳහා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 8000 ක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ණය වී තිබේ.

එම ණය මුදල හෝ ඉන් කොටසක් හෝ නොගෙවන්නේ නම් ඉන්ධන සැපයීම නතර කිරීමට පියවර ගන්නා බවට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top