Jul 11, 2019

18ට අඩු බොරු සැප හොයන පිරිස 1,15000ක්

දිවයින පුරා අවුරුදු 18ට අඩු දරුවන් එක් ලක්ෂ පහළොස්දහසකට ආසන්න පිරිසක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ අනුව ඔවුන් පුනරුත්ථාපනය වෙනුවෙන් පළාත් මට්ටමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරිය වෙත උපදෙස් දී ඇත.

මත්ද්‍රව්‍ය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය, අන්තරායකර ජාතික ඖෂධ පාලක මණ්ඩලය සහ පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙම සමීක්ෂණ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ.

වයස අවුරුදු 18ට අඩු දරුවන් 6,100ක් හෙරොයින් විෂ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වී ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

දිනකට කුඩු සොයා යන කතුන් 1,500ක්

මේ අතර දිවයින පුරා පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසක් දිනකයට හොරොයින් මත්ද්‍රව්‍ය සොයා යන බවත් ඒ අතුරින් 1,500ක් පමණ කාන්තාවන් බවද ඉතිරිය පිරිමින් බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ලක්ෂ තුනකට ආසන්න පිරිසක් ගංජා භාවිතා කරන බවත් ඒ අතරින් මෙම සමීක්ෂණයේ දී අනාවරණය වී ඇති අතර එහි කාන්තාවන් 1,500ක් සිටින බවද පැවසේ.

පසුගිය මාස 06 තුළ සැකකරුවෝ 40,846ක් අත්අඩංගුවට

ඉකුත් මාස 06 තුළ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවෝ 40,846ක් අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගෙන ඇති නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි.ග‍්‍රෑම් 3500 කට අධික ප‍්‍රමාණයක් බවත් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

සුරාබදු නීති ද සංශෝධනය කර ලබන සතිය වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරාය අදාළ අංශවලට උපදෙස් දී තිබේ. සුරාබදු රෙගුලාසි කඩකරන සුරාබදු බලපත් හිමියන්ට එරෙහි නීති දැඩි කිරීමට ද ජනාධිපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත උපදෙස් නිකුත් කර ඇති බවද පළාත් වශයෙන් විෂ මත්ද්‍රව්‍ය සඳහා වැඩිම පිරිසක් ඇබ්බැහි වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව සොයා ගෙන තිබෙන අතර දකුණ, වයඹ, මධ්‍යම සහ උතුරු පළාතෙන් ද විශාල ප‍්‍රමාණයක් වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top