Jul 11, 2019

අඩු වූ මිලට තෙල් නොදෙන පිරවුම්හල්වලට නීතිමය පියවර

සංශෝධිත මිලට ඉන්ධන අලෙවි නොකරන ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

සංශෝධිත මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි නොකරන පිරවුම්හල් සම්බන්ධයෙන් සංස්ථාවේ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරීවරයාට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජී.එස්. විතානගේ මහතා සදහන්කර සිටියි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදෙමින් රජය විසින් මිල සූත්‍රයට අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දැමීමට පියවර ගනු ලැබීය.

මේ අතර ලංකා IOC සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දමනු ලැබුවේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top