Jul 12, 2019

පොලිසියට නව ඒකක 2ක්

පොලිස් සේවය තුළ අලුතින් ස්ථාපිත කරන බස්නාහිර පළාත් දකුණ දිසාවේ අපරාධ කොට්ඨාසය සහ බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසය අද (12) මිරිහාන පොලිස් ස්ථානයේදී වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

නව අපරාධ කොට්ඨාසය තුළින් නුගේගොඩ හා ගල්කිස්ස යන පොලිස් කොට්ඨාස දෙක තුළ සිදුවන අපරාධ විසඳීම මූලික කරගනිමින් මෙම කොට්ඨාසය ස්ථාපිත කර තිබේ.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්‍ෂණය යටතේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය ක්‍රියාත්මක වන අතර රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්‍ෂණය යටතේ මෙම දිසාව ක්‍රියාත්මක වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top