OPEN

#

OPEN

#

Jul 12, 2019

ධර්මසේනට කීකරු නොවූ රෝයිට ICCයෙන් දඩ

විනිසුරු තීරණයට අවනත නොවීමේ චෝදනාව මත එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි හට දඬුවම් පමුණුවා ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වාර්තා කරයි.

විනිසුරු කුමාර ධර්මසේන විසින් ඊයේ (11) පැවති අවසන් පුර්ව වටයේ තරගයේදී ජේසන් රෝයි දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළේය.

නමුත් එම පන්දුව රෝයිගේ පිත්තේ නොගැටුණු පන්දුවක් වු බැවින් ඔහු ක්‍රීඩා පිටියෙන් ඉවත්ව නොගොස් විරෝධය පළ කල අතර අනෙකුත් විනිසුරුගේ මැදිහත් වීමෙන් ජේසන් රෝයි ක්‍රීඩා පිටියෙන් ඉවත් කෙරුණි.

මේ සම්බන්ධයෙන් දඬුවම් නියම කර තිබෙන ඔහුට තරග ගාස්තුවෙන් සියයට 30ක දඩ මුදලක් ගෙවීමට නියම කර ඇති බවද ඝෘණ ලකුණු 02ක්ද ලබා දී ඇති බවද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වාර්තා කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top