Jul 16, 2019

මුස්ලිම් විවාහ නීති වෙනසට මුස්ලිම් ආගමික නායක විරෝධයක් Featured

(හඬපටය) - මුස්ලිම් විවාහ හා දික්කසාද පණතට යෝජිත සංශෝධන නැවත සළකා බලන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා කියයි.

ඇතැම් මුස්ලිම් ආගමික නායකයන් එම වෙනස්කම් සඳහා අකමැත්ත පළකර තිබීම ඊට හේතුව බවද ඔහු සඳහන් කර සිටී.

මේ පිලිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිස එකග වු කරුනු තිබෙන බවත්, එම කරුණුවලට මෙන්ම මුස්ලිම් ආගමික අංශ විසින් ඇතුලත් විය යුතු කරුණු පිලිබදව සදහන් කර ඇති බැවින් මේ පිලිබදව හා සංශෝධනය වියයුතු කරුණු පිලිබදව සාකච්චා කරමින් සිටින බවත් ඔහු පැවසීය.

මෙම නීති සංශෝධනය වියයුතු බවට අදහසක් පැවති අතරම පසුගිය දා ඇති වු සිද්ධියත් සමගම මුස්ලිම් විවාහ නීතිය හා දික්කසාද නීතියේ දැනට පවතින ව්‍යුහයේ වෙනස්කම් පිලිබඳව ද අදහස් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සියල්ල සාකච්ඡා කර එකඟතාවයකට පැමිණ ඉන් පසුව අධිකරන අමාත්‍යතුමියත් සමග එක්ව ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද අමාත්‍ය හලීම් මහතා කීය.

සබැඳි පුවත්
මුස්ලිම් විවාහ හා දික් කසාද නීතිය වෙනස් කරයි
මුස්ලිම් විවාහ නීතිය අහෝසි විය යුතුයි - ශ්‍රීන් අබ්දුල් සරූර්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top