Jul 16, 2019

අම්බන්ගොඩින් මුහුද ගොඩ ගලයි !

Update - අම්බලන්ගොඩ - කහව මංසන්ධියේ සිට හික්කඩුව තෙල්වත්ත දක්වා වූ මුහුදු මාර්ගයට මුහුදු රළ පැමිණීම නිසා කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා මතුව තිබූ වහිරතා මේවන විට යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වේ.

ගාල්ල මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පැමිණ මාර්ගය යථා තත්ත්වයට පත් කර තිබේ.

වාරකං සමය ආරම්භ වීමත් සමඟ ප්‍ර දේශයට බලපා ඇති දැඩි සුළං තත්ත්වය මුහුදු රළ මෙලෙස ගොඩට පැමිණීමට හේතුවී තිබේ.

ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ මෙම තත්ත්වය මදක් දැඩි වී ඇති බවයි.

මේ හේතුවෙන් කොළඹ - ගාලු පාරේ කහව, ගොඩගම සහ තෙල්වත්ත අතර ප්‍රදේශවල කිලෝමීටර් 2ක් පමණ මුහුදු වැලි වලින් වැසී ගොස් තිබිණි.

රත්ගම ප්‍රාදේශීය සභාවෙන් මෙම වැලි ඉවත් කිරීමට කටයුතු කළ බවද වාර්තා වේ.

Last Updae ----------Tuesday, 16 July 2019 11:04

අම්බලන්ගොඩ, කහව ප්‍රදේශයේ සිට තෙල්වත්ත දක්වා කිලෝමීටරයක් පමණ මුහුදු ජලය ගොඩට පැමිණ ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් ගාලු - කොළඹ ප්‍ර‍ධාන මාර්ගයට ගල් හා වැලි ගොඩ ගසා ඇති බව ද පැවසේ.

‍අද දිනයේ මුහුදේ ඇති රළු ස්වාභවය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව ඇති බව ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය වී තිබේ.

කෙසේ වෙතත් වසරක් පාසා මෙම ස්ථානයෙන් මුහුදු ජලය ගොඩට පැමිණෙන අතර, ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ මෙයට තවමත් බලධාරින් කිසිදු පියවරක්‍ ගෙන නොමැති බවයි.

ගල් වැටියක් යොදා මෙම මුහුදු වතුර ගොඩට පැමිණීම වළක්වාලීමට හැකි බවත් එයින් ප්‍රදේශවාසීන්ට සිදුවන අපහසුතාවය වළක්වා ගත හැකි බව ද ඔවුන් වැඩිදුරටත් පවසා සිටියී.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top