Jul 16, 2019

CID ය හේමසිරිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් පැය 9 කට ආසන්න කාලයක ප්‍රකාශයක් ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට අදාළව මේ ප්‍රකාශය ගෙන තිබේ.

ඊයේ (15) පෙරවරු 10.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හේමසිරි ප්‍රනාන්දු මහතා ඉන් පිටව ගොස් ඇත්තේ රාත්‍රි 7.00 පමණ ය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top