OPEN

#

OPEN

#

Jul 16, 2019

අදින් පස්සේ චන්ද්‍රග‍්‍රහණයක් එන්නෙ 2021දී

මේ වසරේ අවසාන චන්ද්‍රග‍්‍රහණය සහ අර්ධ චන්ද්‍රග‍්‍රහණයක් අද (16) දිනයේදී ශ්‍රී ලාංකිකයන්ට දැක බලාගැනීමේ අවස්ථාව උදාවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කළේය.

මෙම අර්ධ චන්ද්‍රග‍්‍රහණය ශ‍්‍රී ලංකාවට මෙන්ම ඕස්ට්‍රේලියාව, අප‍්‍රිකාව, දකුණු ඇමෙරිකාවට, යුරෝපය සහ ආසියාවේ බොහෝ රටවලටත් දිස්වන බවද චන්දන ජයරත්න මහතා පැවසීය.

මෙම චන්ද්‍රග‍්‍රහණය හෙට මධ්‍යම රාත‍්‍රිය ගෙවී එනම් 17 වැනිදා අලුයම 12.13 ට පමණ දිස්වෙන අතර , එය චන්ද්‍රයා පෘථිවියේ උපචයාවට (අඩ අඳුරු සෙවනැල්ලට) ඇතුළුවීමත් සමඟ ආරම්භ වන බවද හෙතෙම පැවසීය.

එය මේ වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය වන අතර පියවි ඇසට පෙනෙන මේ ආකාරයේ ඊළඟ චන්ද්‍රග්‍රහණය දැකගැනීමේ අවස්ථාව මෙරට වැසියන්ට හිමිවන්නේ 2021 මැයි 26 දිනයේ ය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top