Jul 16, 2019

රුහුණේ වසා දැමුණු පීඨ 3 ක් හෙට විවෘත කෙරෙයි

තාවකාලිකව වසා දැමුණු රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටි පීඨ තුනක් හෙට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව විද්‍යා පීඨය, ධීවර, සාගර විද්‍යා හා තාක්ෂණ පීඨය සහ පශ්චාත් උපාධි පීඨය හෙට දිනයේ විවෘත කෙරෙනු ඇත.

විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කලහාකාරි ලෙස හැසිරෙමින් එහි දේපොළවලට හානි කර සේවකයින්ට පහරදීමේ සිද්ධින් කිහිපයක් වාර්තාවීම හේතුවෙන් සෙසු සිසුන්ගේ සහ සේවකයින්ගේ ආරක්ෂාව සඳහා වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට පසුගිය දා පියවර ගැනුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top