Jul 18, 2019

FaceApp එකෙන් වයසට ගිය අයට රතු එළි Featured

සමාජ මාධ්‍යවල නවතම FaceApp රැල්ල නිසා පරිශීලකයන්ගේ දත්ත අනතුරට ලක්ව ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෑතකදී සමාජ මාධ්‍ය අඩවිවල #AgeChallenge (#FaceAppChallenge) ලැව්ගින්නක් සේ පැතිර යන අතර, සෑම කෙනෙකුම එය රැල්ලකට සිදුකරමින් සිටියි.

මෙම යෙදුම හට ජනප්‍රියතාවය හදිසියේ වැඩිවීමත් සමඟ එම යෙදුම භාවිතා කරන පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කරමින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය රැකගැනීමට යෙදුම නිර්මාණය කරන ලද පිරිස් කටයුතු කරන්නේද යන්න පිළිබඳ නව ප්‍රශ්න මතු වී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ඔබගේ ජංගම දුරකතනයේ ඇති සියලුම චායාරූප එම යෙදුම නිර්මාණය කළ පුද්ගලයන් වෙත උඩුගත කරන්නේද යන්න පිළිබඳව විශාල ගැටලුවක් පැනනැගී ඇති බවද මෙම යෙදුම නිර්මාණය කල පිරිස් පෞද්ගලික ප්‍රතිපත්ති මාලාවන් හිදී එම යෙදුම භාවිතා කරන පරිශීලකයන් විසින් ඔවුන්වෙත උඩුගත කරන ලද ඡායාරූප කොපමණ කාලයක් රඳවාගෙන සිටිනවාද යන්න පිළිබඳව සටහන් කිරීමට අපොහොසත් වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.

ඔවුන්ගේ නිවේදනය පහතින් දැක්වේ.

Faceapp1 670px 19 07 18

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top