OPEN

#

OPEN

#

Jul 19, 2019

ගෝඨා සජිත් කඳුවුරු දුරුවල වෙයි : දෙන්නම පසු බසියි Featured

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියන සජිත් ප්‍රේමදාස හෝ පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වන බව කියන ගෝඨාභය රාජපක්ෂ, එම පෙරමුණ දෙකෙන්ම අපේක්ෂකයන් වීම, දැඩි ලෙස අවිනිශ්චිත වී ඇතැයි රාවය පුවත්පත වාර්තා කර තිබේ.

එජාපෙන් රනිල් ඉදිරිපත් වන බවට එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා බරපතළ ලෙස හඟවමින් සිටීමත්, න් ඉදිරිපත් කරන බව සජිත් ප්‍රේමදාස මහතා ස්ථිරව සිය හිතවාදීන්ට හෝ තවමත් ප්‍රකාශ නොකිරීමත්, සුළු ජාතික ඡන්ද දිනාගත නොහැකි වීමත් දිරිපත්වීමේ අවිනිශ්චිතතාවය ප්‍රබල ලෙස බලපා ඇතැයි එහි දැක්වේ.

පක්ෂ නායකත්වයෙන් ඉවත්වන ලෙස නිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කිරීමට එම පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ මූලිකත්වයෙන් පිරිසක් සූදානම් වුවද සජිත්ගේ අවිනිශ්චිතතාව නිසා එම සැලසුම ද තාවකාලිකව ඉවත්කරගෙන ඇතැයි වාර්තා වේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට, පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ලිපිය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් තවම නොලැබීමත්, රට සහ ශ්‍රී ලංකාවේ ඔහුට එරෙහිව පවතින නඩු අවසන්වීමත්, ඔහු ඉදිරිපත් කිරීමේ අවිනිශ්චිතතාව ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි දැනගන්නට ඇත.

කඩිනමින් ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීම පවා, අගෝස්තු 11 දිනයක් පෙන්නා කල් දමා ඇත්තේ මේ නිසා බවද පැවසේ.

පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) තවත් පිරිසක් ගෝඨාභය මහතාගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය තවමත් යහපත් නැතැයි රාවයක් පතුරවමින් සිටින බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ අතර, තවත් පෙරමුණකින් එජාප ජනපති අපේක්ෂකයා කිරීමට සූදානම් වන කරූ ජයසූරිය මහතාගේ කණ්ඩායමේ ප්‍රබලයකු එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අගමැති ජනපති ධූර හුවමාරුවක් සඳහා සාකච්ඡාවක් පවත්වා ඇති ද බව ද වාර්තා වේ.

සජිත් මරණ දඬුවමට පක්ෂවීමත්, එක්සත් ජාතික පෙරමුණේ බහුතරය ඊට විපක්ෂවීමත්, එසේම සජිත් ප්‍රතිත්‍රස්ත පනත හා සම්බන්ධයෙනුත් වෙනත් මතයක් දැරීම ඔහුට එරෙහි පිල ශක්තිමත්වීමට හේතුවක් වී ඇතැයි පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top