OPEN

#

OPEN

#

Jul 19, 2019

ජයසුන්දරඕවිටම බය කළ අමුතු හොරා CCTV ඔස්සේ හඳුනාගනියි

(වීඩියෝ) නාවලපිටිය පොලිස් වසමට අයත් නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් භීතියට පත් කරමින් ඔවුන්ගේ එළුවන් සහ කුකුල් සොරා ආරක්ෂිත කැමරා පද්ධතියක් (CCTV) මාර්ගයෙන් අනාවරණය කරගෙන තිබේ.

නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ පවුල් 1500ක් පමණ ජිවත් වන අතර ටිකදිනක සිට ඔවුන්ගේ නිවාසයන්හි කූඩු කර ඇතිකරන කුකුලන් සහ එළුවන් රාත්‍රී කාලයේ අතුරුදහන් වී තිබේ.

මෙම සොරකම අනාවරණය කර ගැනීමට ගම්වැසියන් කොතෙක් උත්සාහ කළ ද එය අසාර්ථක වීම නිසා ආරක්ෂිත කැමරා පද්ධතියක් (CCTV) ඔහු විසින් සවිකර ඇත.

ඉන් අනාවරණය වී ඇත්තේ මහ රෑට මේ සොරකමේ එන්නේ හඳුන් දිවියෙක් බවයි.

මහවැලි ගග ආසන්නයේ ගග රක්ෂිතයේ ලදු කැලැවක වෙසෙන දිවියන් නිසා තම ගම්මානයට දැඩි තර්ජනයක් එල්ලවන බවත්, පවත්නා තත්ත්වය මත රාත්‍රී කාලයේ නිවසින් බැහැරව යාමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව ගම්වාසීහු කියති.

ගම්මානයේ සැරි සරන හදුන් දිවියන් අල්ලා වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙස වනජිවි නිලධාරින්ට සහ නාවලපිටිය පොලිසියට දැනුම් දී ඇතත් එයට මෙතෙක් කිසිදු විසදුමක් නොලැබිම හේතුවෙන් තම ආරක්ෂාව උදෙසා හදුන් දිවියන් දෙදෙනා සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට සිදු වන බව ජයසුන්දරඕවිට ගම්මවාසින් අවධාරණය කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top