Jul 19, 2019

රැඳවුම් භාරයේ සිටියත් කංජිපානිගේ ජාවාරම් තවමත් ක‍්‍රියාත්මකයිලු Featured

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමෙන් පසුව දැනට කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ කුඩු ජාවාරම මේ වන විටත් පාකිස්තාන මත්කුඩු ජාලය හරහා සකී‍්‍රය ලෙස කි‍්‍රයාත්මක වන බව බුද්ධි අංශවලට අනාවරණයවී ඇතැයි වාර්තා වේ.

රැඳවුම් භාරයේ සිටියදීම කංජිපානි ඉම්රාන් විසින් සිය මත්කුඩු ජාලයේ මෙරට ඒජන්තයන් දුරකථන ඔස්සේ අමතමින් සියල්ල මෙහෙයවමින් සිටින බවද ඩුබායිහි සැඟවී සිටින කාලයේදීත් කංජිපානි ඉම්රාන් සිය මත්කුඩු ජාවාරම කරගෙන ගියේ පාකිස්තාන කුඩු ජාලය ඔස්සේ බවද පසුගිය දිනවල අනාවරණය වී ඇතැයි පැවසේ.

කංජිපානි ඉම්රාන් ඩුබායිහි සිටියදී සිය ගෝලබාලයන් යොදවා ශ‍්‍රී ලංකාවේ මිනිස් ඝාතන ගණනාවක් සිදු කළ බවට අනාවරණය වී තිබුණදල එම ඝාතනවලට යොදා ගත් ගිනිඅවි ඇතුළු අවි ආයුධ සම්පූර්ණයෙන්ම අත්අඩංගුවට ගැනීම මෙතෙක් සිදුව නැත.

මෙසේ තිබියදී කංජිපානි රැදවුම් භාරයෙන් මුදාගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරවීමට ඔහුගේ නීතිඥයන් කටයුතු කරමින් සිටින අතර එම තත්ත්වය තුළ ඔහු බන්ධනාගාරගත කෙරුණහොත් මෙරට බන්ධනාගාර තුළ පවතින දුෂිත කි‍්‍රයාවලිය නිසා කංජිපානි ඉම්රාන්ගේ කුඩු ජාවාරම තවදුරටත් ප‍්‍රබල වනු ඇතැයි පොලිස් මූලස්ථානයේ ප‍්‍රකාශකයෙක් පවසා ඇත.

හිරේදී ජාවාරම් කල 412ක් කොටුවෙයි

බන්ධනාගාරය තුලදී කරන ලද වැරදි හේතුවෙන් ගත වූ මස 19ක කාලය තුළදී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 412 දෙනෙකු සිර ගෙදර තුලදී නැවත වරදකරුවන් ලෙස දඬුවමට ලක් කර ඇත. 2018 වසරේදී 234 දෙනෙකුද 2019 වසරේ මේ දක්වා 178 දෙනකුද මෙලෙස දඬුවමට ලක් කිරීමට බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය ක්‍රියාකර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ පුද්ගලික සහකාර ලේකම් එස්.බි විජේරත්න මහතා පවසයි.

බන්ධනාගාරය තුලදී හෙරොයින් ළඟ තබා ගැනීම, ජංගම දුරකථන භාවිතය සහ එකිනෙකාට පහර දීම ඇතුළු වැරදි සඳහා ඔවුන් දඬුවමට ලක් කොට ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top