Jul 19, 2019

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රචාරක මුදල් සැලැසිනේ නොදෙන්නේ ඇයි? Featured

මොණරාගල පැවැති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය වෙනුවෙන් සිදුකළ ප්‍රචාරක කටයුත්තකට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මුදල් ලබාදී තිබියදී ද එම ප්‍රචාරක කටයුතු සිදු කළ “ද කිස්” නැමැති ආයතනයට මුදල් ලබා නොදුන්නේ එම ප්‍රචාරක වැඩ අදාළ ආයතනය ලබාගෙන ඇත්තේ පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකිරීම නිසා යැයි සැලැසිනේ ආයතනයේ ප්‍රකාශකයකු ශ්‍රී ලංකා මිරර් වෙත කියා සිටියේය.

පසුගිය වසරේ අගෝස්තු 18 වැනිදා සිට 23 වැනිදා දක්වා මොණරාගල පැවැති මේ ප්‍රදර්ශනය වෙනුවෙන් සැකසූ ඇනිමේෂන් කිහිපයක් වෙනුවෙන් එම ගෙවීම සිදු කිරීමට නියමිත අතර කෙසේවුවද, ද කිස් ආයතනය මේ ඇනිමේෂන් සකස් කිරීමට සැලැසිනේ වෙතින් රුපියල් මිලියන 1.5ක අත්තිකාරමක් ලබාගෙන තිබේ.

සැලැසිනේ, ද කිස් වෙත තවත් රුලියල් 3,975,000 ක මුදලක් මේ සඳහා ගෙවීමට තිබෙන බවද පැවසේ.

සැලැසිනේ ප්‍රකාශකයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියා සිටියේ අදාළ අත්තිකාරම් මුදල එවකට සිටි ප්‍රධානියකුගේ අත්සනින් එම ආයතනයට ලබාදීමට දුන් නියෝගයක් මත එය ලබාදී තිබුණද, ඉතිරි මුදල් නිදහස් කිරීමට එවැනි නියෝගයක් හෝ එම ප්‍රචාරක කටයුතු ටෙන්ඩර් පටිපාටියක් හරහා සිදුකර නොමැතිවීම නිසා මේ මුදල් ගෙවීමට අපහසුව ඇති බවයි.

වෙළඳ දැන්වීම්කරණය පිළිබඳ පලපුරුද්දක් නොවූ අදාළ ආයතනය වෙළඳ දැන්වීම් සැපයීමේදී තත්ත්පර 18, 23 හා 24 ට සකසා තිබූ නිසා ඒවා ප්‍රචාරණයේදී මේනම ඒවා ප්‍රචාරය කළ මාධ්‍ය වෙත මුදල් ලබාදීමට ප්‍රවෘත්ති අමාත්‍යංශයෙන් මුදල් ලබා ගැනීමට යාමේදී ද ගැටලු රාශියකට මුහුණ දුන් බව එම ප්‍රකාශකයා කීය.

මේ අතර, ද කිස් ආයතනයේ අධ්‍යක්ෂ ජනක තිලකරත්න මහතා සතිඅන්ත පුවත්පතක් වෙත පවසා ඇත්තේ සැලැසිනේ හි සාමාන්‍යාධිකාරීවරයා විසින් මේ මුදල් නිදහස් කිරීමට අනුමැතිය ලබා නොදීම නිසා තම ආයතනයේ මුදල් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top