දෙපාර්තමේන්තුවේ නිලධාරි හිඟය නිසා තැපැල් ස්ථානාධිපතිවරුන් හා ඉහළ නිලධාරීන් වෙනුවෙන් මේ අයුරින් අතිකාල ගෙවීමට සිදුව ඇති බව පැවසේ.
මධ්‍යම තැපැල් හුවමාරුව, මහනුවර, අනුරාධපුරය වැනි සුපිරි තැපැල් කාර්යාල සේවකයන්ට මේ අතරින් අතිවිශාල අතිකාල ප්‍රමාණයක් වැය වන බවද හෙළිව තිබේ.
තැපැල් සේවකයන්ද නිරතුරුවම වර්ජනවලට සහභාගි වීම නිසා දෙපාර්තමේන්තුවේ ආදායම පහළ ගොස් ඇති අතර අත්‍යවශ්‍ය විභාග අයැදුම්පත් වැනි දේ හැරෙන්නට මේ වන විට තැපැල් සේවාව භාවිත කරන පිරිස විශාල ලෙස අඩු වෙමින් පවතින බවද සමීක්ෂණයකින් හෙළිව තිබේ.
දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 1150ක හා කනිෂ්ඨ නිලධාරීන් එමෙන් දෙගුණයකගේ පමණ හිඟයක් පවතින අතර, මේ නිසා සේවාවන් පවත්වා ගැනීමට පවා බාධා පැමිණ ඇති බව පැවසේ.
මේ අතිකාල ප්‍රමාණයට අමතරව සේවක වැටුප් සඳහා වසරකට දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 7500ක් හෙවත් මසකට රුපියල් මිලියන 625ක් පමණ වැය වන බවත් වාර්තා වේ.
නිලධාරීන්ගේ 1,150ක පමණ හිඟයක් පවතින බවත් පහළ ශ්‍රේණිවල කිසිදු හිඟයක් නැති බවත් මේ පිළිබඳව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා කියයි.
එසේම අතිකාල සැලකිය යුතු ප්‍රමාණයක් වැය වන බව ඒ මහතා පිළිගන්නා අතර, අතිකාල ඇතුළු අනෙකුත් සියලු දිමනා වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 3000කට අධික මුදලක් දරන්නට සිදු වන බව ඔහු කියා සිටී.
මූලාශ්‍රය - සිළුමිණ