Jul 20, 2019

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 9 කට උසස්වීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 09 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.

ඒ ජාතික පොලිස් කොමිසන් සභාවේ, අනුමැතිය පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සම්මුඛ පරික්ෂණයේදී ලබාගත් ලකුණු අනුපිළිවෙල අනුවයි.

මේ අතර දිර්ඝ කාලයක් තිස්සේ උසස් වීම් නොලැබූ පොලිස් නිලධාරීන් 31,500 කට එකවර උසස්වීම් ලබාදීමට ද අවධානය යොමුව තිබේ.

පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා 31,500 කට පමණ පිරිසකට කාණ්ඩ කිහිපයක් යටතේ එවකර බලපැවැත්වෙන පරිදි උසස් වීම් ක්‍රියාත්මක කිරීමට ද නියමිතව තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top