Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jan 25, 2017

ඇවන්ගාඩ් කපිතාන් ශ්‍රේෂ්ඨාධිකරණයට

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි චෝදනා කරමින් ඇවන්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා ලෙස සේවය කළ යුක්‍රේන ජාතික ජෙනඩි හාවෝව් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක්‌ ගොනු කර ඇත.

2015 ඔක්‌තෝබර් මස 06 වැනිදා නාවික හමුදාව විසින් තමා අත්අඩංගුවට ගන්නා විට තමාට එරෙහිව මීට පෙර කිසිදු චෝදනාවක්‌ එල්ලව නොතිබූ බව පවසන හෙතෙම නීති විරෝධී සහ අමානුෂික අයුරින් තමා අත්අඩංගුවට ගත් බවද එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටතදී බවද ඔහු සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, රක්‌නා ලන්කා ආයතනයේ අධ්‍යක්‍ෂවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශය, ඇවන්ගාඩ් නාවික සමාගම, ශ්‍රී ලංකා නැව් සමාගම, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, නීතිපතිවරයා මෙහි චූදිතයන් ලෙස නම් කර ඇත.

49 හැවිරිදි මෙම යුක්රේන් ජාතික නාවික කපිතාන්වරයා එක්‌ දරු පියෙකි.


නීතිවිරෝධී ලෙස ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් පසුගිය වසරේ ජුනි මස 6 වනදා ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැනට ගාල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රිමාන්ඩ් ගත කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top