Jul 23, 2019

කුලේත් සමුගන්න තරගයක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියේජනය කළ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

ඔහු මෙම ඉල්ලීම ලිඛිතව කර ඇති අතර මේ සම්බන්ධයෙන් සලකා බලා තීරණයක් ගන්නා බව ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසයි.

ලසිත් මාලිංගද මීට පෙර සඳහන් කළේ තම අවසන් එක්දින තරගයේදී නුවන් කුලසේකර කණ්ඩායමට එක්කර ගැනීමට කටයුතු කරන බවත් එහිදී ඔහුත් සමගම එක්දින පිටියෙන් සමුගැනීමට කටයුතු කරන බවත්ය.

මාලිංගද ඊයේ (22) සඳහන් කළේ බංග්ලාදේශ කණ්ඩායම හා ජුලි 26 දා පැවැත්වෙන පළමු තරගයෙන් පසුව තමන් එක්දින පිටියෙන් සමුගන්නා බවයි.

අයි.සී.සී. හිටපු අංක එකේ පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර අවසන් වරට ශ්‍රී ලංකාව නියේජනය කර ඇත්තේ 2017 වසරේදීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top