Jul 23, 2019

කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 16ක ජල කප්පාදුවක්

කොළඹ හා හෝකන්දර යන ප්‍රදේශ කිහිපයකට අද (23) පස්වරු 06 සිට පැය 16ක කාලයක ජල කප්පාදුවක් සිදු කෙරන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ හදිසි බිද වැටීමක් හේතුවෙන් එය නඩත්තු කිරීම සඳහා කොළඹ 03, 04, 05, 06 ‍හා හෝකන්දර මෙසේ ජලය සැපයිම අත්හිටුවනු ඇත.

මීට අමතරව එම කාල සීමාව තුළ කොළඹ /දෙහිවල – ගල්කිස්ස/කොට්ටේ/ කඩුවෙල යන මහ නගර සභා සීමා තුලත්, මහරගම/ බොරලැස්ගමුව/ කොළොන්නාව යන නරග සභා සීමා තුළත්, කොටිකාවත්ත / මුල්ලෙරියා ප්‍රාදේශිය සභා සීමා තුළත් රත්මලාන හා සොයිසාපුර යන මහල් නිවාස සංකීර්ණ වලටත් අඩු පීඩනයක් යටත් ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරනු ලැබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top