Jul 23, 2019

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෛද්‍ය සභාවට නියෝගයක්

පිළිගත් විදේශීය විශ්ව විද්‍යාලයන්ගෙන් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් ලංකා වෛද්‍ය සභා පනතේ 16 වැනි වගන්තිය යටතේ පැවැත්වෙන කඩඉම් විභාගයෙන් සමත්වන්නේ නම් ඔවුන් දින 30ක් ඇතළත ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අද (23) නියෝග කර තිබේ.

ප්‍රසන්න ජයවර්ධනල එල්. ටී. බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබා ගත් එම්ගඑන් සහාබ්දීන්ග ඇතුළු 16 දෙනෙකු ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේය.

පෙත්සම්කරුවන් සඳහන් කර තිබුණේ තමන් පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබුනද තමන්ව වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top