Jul 24, 2019

ICBT මාර්කටිං ඩිරෙක්ටර් CEOගේ ලේකම්වරියට ලිංගික අතවර කරලා Featured

බම්බලපිටිය සිය මූලස්ථානය කරගනිමින් පවත්වාගෙන යනු ලබන ICBT කැම්පස් ආයතනයේ ( International College of Business and Technology ) ප්‍රධාන විධායක නිලධාරියාගේ ලේකම්වරියට ලිංගික අතවර කළ එහි වෙළෙඳ අධ්‍යක්ෂ අනුර ගමගේ මහතා තවදුරටත් එම ධූරය දැරීම සම්බන්ධයෙන් විශාල විරෝධතාවයක් මතුව ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් නඩු අංක B/81339 යටතේ නඩුවක් ක්‍රියාත්මක අතර සැකකරු මේවන විට සිටින්නේ ඇප මත බව පැවසේ.

එම ආයතනයේ පාඨාමාලාවන් පිළිබදව විමසීමට සිසු සිසුවියන්ට මුලින්ම හමුවන්නට සිදුවන්නේ අදාළ පුද්ගලයා බැවින් තත්ත්වය තවත් බරපතල වී ඇතැයි වාර්තා වේ.

ICBT හි තිබුණු ගෝල්ඩන් කී මුදල් කෝ

මේ ආයතනය ආරම්භ කරන අවස්ථාවේදී ගෝල්ඩන් කී සමාගම සතුව කොටස් තිබුනද ගෝල්ඩන් කී සමාගමේ වත්කම් විකුණා තැන්පත්කරුවනට මුදල් ගෙවන ලෙස අධිකරණය නියෝග කිරීමෙන් පසුව එම කොටස් වංචනික ලෙස පවරා ගැනීමක් සිදු කර ඇති බවද මේ වන විට හෙළිව තිබේ.

ICBT කැම්පස් ආයතනයේ සභාපතිවරයා වන ජගත් අල්විස් විසින් CEG EDUCATION HOLDINGS (PVT) Ltd නමින් සමාගමක් ආරම්භ කරමින් ගෝල්ඩන් කී සමාගමේ කොටස් එම සමාගමට පවරා මේ වංචාව සිදුකර තිබේ.

එමගින් අධිකරණය නොමග යවා ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට විශාල අසාධාරණයක් කර ඇතැයි පාරිභෝගිකයන් සුරැකීමේ සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ අතර, ICBT කැම්පස් ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන පාඨමාලාවන් වල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය සතුටුදායක නොවන බැවින් ඩුබායි, ඕමාන්, කටාර්, බහරේන්, ආදී රටවල ICBT කැම්පස් ආයතනය විසන් පවත්වා ගෙන ගිය පාඨමාලාවන් තහනම් කිරීමට කටයුතු කර ඇති බවද පැවසේ.

සබැඳි පුවත්
ICBT උපාධිය ප්‍රමිතියෙන් තොරයි, බම්බලපිටිය පොලිසියටත් පැමිණිලි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top