Jul 24, 2019

එංගලන්තයෙන් ලංකාවට කුණු ගෙනාවේ මෙයා Featured

අපද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන හේලීස් ෆ්‍රී සෝන් (Hayleys Free Zone) හි ගබඩාකර ඇති බහාලුම් 130 ලංකාවට ගෙන්වා ඇති Ceylon Metal Processing Corporation (pvt) Ltd සමාගමේ සැබෑ හිමිකරුවා වන්නේ සසිකුමාරන් මුතුරාමර් (Sasikumaran Muthuramar) නැමැත්තාය.

ඔහු අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයෙකි. එසේම මේ භාවිත කරන ලද මෙට්ට එවන ලද Vengaads ltd නැමැති එක්සත් රාජධනියේ සමාගමේද අධ්‍යක්ෂවරයෙකි.

Vengaads ltd සමාගම පිහිටුවා ඇත්තේ මීට දෙවසරකට ඉහත දී 2017 මැයි 19 වැනිදාය.

ඊට අදාළ තොරතුරු පහතින්.

 Vengaads 001සසිකුමාරන් මුතුරාමර් Vengaads හි අධ්‍යක්ෂවරයෙකි

Vengaads 002Vengaads ltd සමාගම පිහිටුවා ඇත්තේ මීට දෙවසරකට ඉහත දී

මේ අතර, ද ටෙලිග්‍රාෆ් (the telegraph) වාර්තා කර ඇත්තේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ලෝහ ලෙස වෙස්වළාගත් මිනිස් නටබුන් අඩංගු බව පෙනෙන නැව් බහාලුම් සියයකට වැඩි ප්‍රමාණයක් ආපසු එවන බව ශ්‍රී ලංකා බලධාරීන් බ්‍රිතාන්‍ය රජයට දැන්වීමෙන් පසුව ඔවුන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

කෙසේවුවද, ද ටෙලිග්‍රාෆ් පවසන්නේ අදාළ බහාලුම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකාවෙන් විධිමත් ඉල්ලීමක් මෙතාක් ලැබී නැති බව බ්‍රිතාන්‍ය ප්‍රකාශකයකු සඳහන් කළ බවයි.

රට ඉඳල ආව මංගල රේගුවෙන් වාර්තාවක් ඉල්ලයි

මේ අතර, සෞඛ්‍යයට සහ පරිසරයට අහිතකර අබලි ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් සපයන්නැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත ඊයේ (23) නියෝග කර තිබේ.

විදේශ සංචාරකයින් පසු ඊයේ මෙරටට පැමිණි මංගල සමරවීර මහතා ගැටලුව පිළිබඳ අවධානය යොමුකොට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත මේ නියෝගය කර ඇති බවද පැවසේ.

නාගරික අබලි ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේදී පරිසර අධිකාරියේ අනුමැතිය අනිවාර්යයෙන්ම ලබාගත යුතුය.

මෙම නීතිමය අවශ්‍යතා හා රෙගුලාසිවලින් බැහැරව මේ සඳහා අනුමැතිය ලබා දී ඇත්නම් ඔවුන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කළයුතු බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

රේගු පොල්ල

මෙම බහාලුම් තැන්පත්කර ඇතැයි පැවසෙන හේලීස් ෆ්‍රී සෝන් (Hayleys Free Zone) අනෙකුත් ගෝලීය වෙළඳ කලාපවල මෙන් ප්‍රති අපනයනය සඳහා ගබඩා කරන සහ අගය එකතු කිරීමේ සේවා සැපයීමේ අරමුණින් 2013 අංක 1 දරණ පනත යටතේ ස්ථාපනය කර ඇති නීත්‍යානුකූල ආයතනයක් බව හේලීස් සමාගමේ සාමාන්‍යාධිකාරී රුවන් වෛද්‍යරත්න මහතා කියයි.

එසේම හේලීස් ෆ්‍රී සෝන් (Hayleys Free Zone) වෙත ගෙන්වන බහාලුම් පරික්ෂා කිරීමට රේගුවට බලය නොමැතිවීමත්, ඒවා පරික්ෂි කිරීමට බලය ඇත්තේ BOI බලධාරීන්ට වීමත් මේ ගැටුමට හේතුවී ඇති බව රේගු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සබැඳි පුවත්
පොදු අපේක්ෂක කතා නිසා ධම්මික කුණු කන්දට යටකළ හැටි

කුණු කන්ටේනර් ගැන රේගු පරීක්ෂණ අවසන් කර නෑ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top