Jul 29, 2019

CID ශානි - නීතීඥ මනෝජ්ට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් දාලා

නීතිඥ මනෝජ් ගමගේ මහතා මාධ්‍ය හමුවකදී තමන්ට තර්ජනය කළ බවට අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

පසුගියදා විපක්ෂයට සම්බන්ධ මාධ්‍යහමු කිහිපයකදී වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට හා නීතිපති දෙපාර්තමේන්තුට දැඩි ලෙස විවේචන එල්ල කළේය.

එවැනි මාධ්‍ය හමුවකදී නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කළේ ෂාෆි වෛද්‍යවරයා සතු අති විශාල වත්කම් හේතුවෙන් රජය නීතිය ක්‍රියාත්මක නොකරන බවයි.

කෙසේ වෙතත් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නීතිඥවරයා පවසා සිටියේ, කෝටි 40 ගණනක් 90 ගණනක් තිබු වෛද්‍ය ෂාෆීට යහපාලන රජයම මිලදී ගැනීමට හෝ බැරිකමක් නොමැති බවයි.

එනිසා නීතිය ක්‍රියාත්මක නොවන බවත් පැවසු නීතිඥවරයා, ශාන් අබේසේකර මහතාට බලය හැමදාම ක්‍රියාත්මක නොවන බවත්, එනිසා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් නීතිය අනුව ගන්න ලෙසද පැවසීය.

නීතියට “ජිල්මාට්“ දමා සැකකරුවන් නිදහස් කරන්න සුදානම් නොවන්නැයි ද පවසා සිටි නීතිඥවරයා, එහි ප්‍රතිඵලය ශානි අබේසේකර මහතාට අනාගතයේ දී ජම්පරයක් ඇඳගෙන විඳින්නට සිදුවේයැයි අනතුරු ඇඟවීමක්ද සිදු කළේය.

පසුගිය ජුලි මස 27 වන දින පැවති මාධ්‍ය හමුව මෙහි දැක්වෙයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top