Jul 31, 2019

'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' නමින් එන සොරුන්ගෙන් ප්‍රවේශම්වන්න

රජය විසින් ආරම්භ කර ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ණය අනුමත කර ඇති බව සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශයෙන් යැයි ව්‍යාජ ලිපි ශීර්ෂයක් උපයෝගී කර ගනිමින් විවිධ පුද්ගලයන් හා ආයතන වෙත ලිපි යොමුකරන සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ.

මෙම කණ්ඩායම් විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ පොලී සහන ණය ලබාගැනීමට අපේක්ෂිත පුද්ගලයන්හට තමන් ඉල්ලා සිටි ණය අනුමත කර ඇති බව පවසමින් ඒ වෙනුවෙන් මූලික අත්තිකාරමක් ලෙස අපේක්ෂිත ණය මුදලෙන් කිසියම් ප්‍රතිශතයක් මුදලින් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව පැවසේ.

මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ ණය නිකුත් කිරීමේ නිෂ්කාශන අංශයේ අධ්‍යක්ෂ යැයි පෙනී සිටිමින් ජයම්පති කරුණාමුණි නම් පුද්ගලයෙක් ද චන්ද්‍රා ජයසිංහ යන නමින් ව්‍යාජ ලෙස පෙනී සිටින පුද්ගලයකු ඇතුළු කණ්ඩායමක් ද මෙසේ ලිපි යොමුකර ඇති බවට සාක්ෂි මෙම අමාත්‍යාංශය වෙත දැනටමත් ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් මෙම නිවේදනයේ සඳහන් ව්‍යාජ පුද්ගලයන් විසින් ණය ගනුදෙනුකරුවන් වෙත යවා ඇති වංචනික ලිපියේ පිටපතක් පහතින් දැක්වේ.

Enterprises 670px 19 07 31

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top