Aug 04, 2019

"විදෙස් ණය අර්බුදය බර පතලයි : IMF තක්සේරුව වැරදියි" Featured

ශ්‍රී ලංකාවේ විදේශ ණය අර්බුදය බරපතල බවත්, ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය කර ඇති තක්සේරුවට වඩා එය බරපතල බව ආචාර්ය අනුර ඒකනායක මහතා කියයි.

මහාචාර්ය එස්.එස්. කොළඹගේ හා ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන යන මහත්වරුන්ද මෙම තර්කය විවෘත විශ්ව විද්‍යාලයේ පැවැති සකච්ඡා සභාවකදී පිළිගත් බව ඒකනායක මහතා කියා සිටී.

ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන ඒකනායක මහතා කියා සිටින්නේ 2025 දක්වා 5%ක ආර්ථික වර්ධනයක් පවතීයැයි වාර්ෂිකව 5%කින් අපනයනය වැඩි වෙතැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කර ඇති උපකල්පන පවතින ආර්ථික තත්ත්වයන් අනුව තර්කානු කූලනොවන බවයි.

ඔහු ඊට නිදසුන් ලෙස 2019 හා 2020 ඡන්ද පැවැත්වෙන වර්ෂයන් බවද කියා සිටී.

ශ්‍රී ලංකාව ඉහල මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස, හිරව සිටින තත්ත්වයක් දකින්න ලැබෙන බවත්, විදේශ ණය අර්බුදය විසඳි නොගෙන මෙතැනින් එහාට යහපත් ආර්ථික ගමනක් ගැන සිතිය නොහැකි බවද කියා සිටී.

මේ අතර ඒ මහතා මේවන විට කාන්තා ශ්‍රම දායකත්වය හා තරුණ ශ්‍රමදායකත්වය පහල මට්ටමක ඇති බවද කියා සිටී.

මූලාශ්‍රය - රාවය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top