Aug 04, 2019

ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම්හි නැගෙනහිර සන්නද්ධ නායකයා අත්අඩංගුවට Featured

මෙරට තුළ පසුගියදා තහනමට ලක්වූ ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා ලෙස හඳුන්වන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වාලච්චේන ඔට්ටමාවඩ් අබ්දුල් පාර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මොහොමඩ් නවුෂඩ් උමාර් නැමැත්තෙකි.

එසේම අදාල තහනම් සංවිධානයේ මතවාද පැතිරවූ බව කියන 25 හැවිරිදි මොහොමඩ් ස්මයිල් මොහොමඩ් නැමති නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි අම්පාර පොලීසිය සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top