Aug 04, 2019

"අපේ ජනපති සජිත් - පෝස්ටර් ගැහුවෙ රජයේ සල්ලිවලින්"

නිවාස සංවර්ධන අරමුදලට අයත් මුදල් අවභාවිත කරමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටින බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා චෝදනා කරයි.

මාධ්‍ය හමුවකට අද එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

නිවාස සංවර්ධන අරමුදලට අයත් රාජ්‍ය මුදල් අවභාවිත කරමින් දිවයින පුරා "අපේ ජනාධිපති සජිත්" නමින් පෝස්ටර් මුද්‍රණය කර ඇති බව ඔහු පවසයි.

පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැරව කටයුතු කරන එක්සත් ජාතික පක්ෂය බලයට පත් වුවහොත් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වේවිදැයි ඒ මහතා ප්‍රශ්න කර සිටියි.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළද ප්‍රේමදාස මහතාට විවේචන එල්ලවී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top