Aug 06, 2019

අගමැති සාක්ෂිදීම අරඹයි : ප්‍රහාරය ගැන තතු නොලැබුන බව කියයි Featured

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ මේ වනවිට සාක්ෂි ලබාදෙමින් සිටී.

අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ තමන්ට හෝ රජයට තොරතුරු ලැබී නොතිබූ බවයි.

2018 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු තමන්ට ආරක්ෂක කවුන්සිලයට ආරාධනාවක් නොලැබුණු බවද වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

ඒ දක්වා පැවති ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලදී ත්‍රස්තවාදය ගැන අදහස් පළ නොවු බවත් විරෝධතා වැනි දෑ ගැන සාකච්ඡා වූ බවත් අග්‍රාමාත්‍යවරයා කියාසිටියේය.

අග්‍රාමාත්‍යවරයා මද්‍රාසා පාසල් නිසි පරිදි නියාමනයක් සිදුනොවූ බවද එහිදී සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අගමැති ආරක්ෂක කොට්ඨාශය වෙත කිසිදු පූර්ව තොරතුරක් ලැබී නොතිබූ බවද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top