Aug 09, 2019

සජිත් වෙනම ඉල්ලීමට සැරසෙයි : 12 දා නිල ප්‍රකාශය? Featured

එජාප ජනාධිපතිධූර අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් පුළුල් සන්ධානයක් ගොඩනගා වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට එජාප නියෝජළු නායක සජිත් ප්‍රේමදාස මහතා කැමැත්ත පලකර ඇතැයි වාර්තා වේ.

සජිත් පාර්ශවයේ නායකයකු මේ බව පැවසූ බව අනිද්දා පුවත්පත වාර්තා කර ඇත.

එම සන්ධානයට රවුෆ් හකීම්, රිෂාද් බදුයුදීන්, මනෝ ගනේෂන් හා පී.දිගම්බරන් යන එක්සත් ජාතික පෙරමුණ සමඟ කටයුතු කරන පිරිස එක්කර ගන්නා බවද එහි දැක්වේ.

ඊට අදාළ සාකච්ඡා මේවන විට සාර්ථක වී ඇති බව සජිත් පාර්ශවයේ නායකයා අනිද්දා වෙත පැවසූ බවද වාර්තා කර තිබේ.

ලංකා අගමැතිකම සජිත්ට දෙයි - අනිද්දා වැට උඩ

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ඉරිදා ලංකාදීප පුවත්පත විසින් පසුගිය 06 වැනිදා රාත්‍රියේ පැවැති සජිත් - රනිල් සාකච්ඡාවේදී වික්‍රමසිංහ මහතා ප්‍රේමදාස මහතාට අගමැති අපේක්ෂකත්වය ලබාදීමට කැමැත්ත පල කර ඇති බව වාර්තා කර තිබේ.

එහෙත්, ප්‍රේමදාස මහතා සිය පාර්ශවය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව එම පාර්ශවය රනිල්ගේ උපක්‍රමවලට යට නොවී කොන්දේසි විරහිතව ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතු බව දන්වා ඇතැයි වාර්තා වේ.

මේ අතර, අනිද්දා පුවත්පත සිය ප්‍රධාන පුවත යටතේ වාර්තාකර ඇත්තේ රනිල් - සජිත් හමුවේදී තමන්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොදෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා අගමැති අපේක්ෂකත්වය ලබාදිය යුතු යැයි ඉල්ලීමක් කළ බවත්, එයට වික්‍රමසිංහ මහතාගෙන් කිසිදු සාධනීය පිළිතුරක් නොලැබුණු බවයි.

PeparsSajith

12 තමයි දවස

මේ අතර, අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමේ දැවැන්ත ජනහමුව බදුල්ල නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සජිත් පාර්ශවයේ මාධ්‍ය වාර්තා කර තිබේ.

2005 වසරෙන් පසුව රාජපක්ෂවරුන්ව දේශපාලනිකව පැරදවිය හැකි බවට ප්‍රගතිශීලි ජනතාව තුල විශ්වාසයක් ඇතිවුයේ 2014 ඌව පළාත් සභා මැතිවරණයෙන් අනතුරුව බවට ප්‍රේමදාස මහතාගේ විශ්වාසයක් ඇතැයි පැවසේ.

දස වසරක රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීමේ පළමු වෙඩිමුරය වූ ඌව පළාත් සභා මැතිවරණයේදී ද මුලිකත්ව ගනු ලැබුවේ ද තරුණ නායකයකු වන හරින් ප්‍රනාන්දු මහතා ගැන ප්‍රේමදාස මහතා විශාල විශ්වාසයක් තබා ඇති බැවින් එහිදී ඔහු මේ ප්‍රකාශය කිරීමට සුදානමින් සිටින බවද පැවසේ.

රාජපක්ෂවරුන්ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂගේ නම ප්‍රකාශයට පත් කිරීමට නියමිත පොහොට්ටු පක්ෂයේ සමුළුව පැවැත්වෙන අගෝස්තු 11ට පසුදින එනම්, 12 දා සජිත් ප්‍රේමදාසගේ නම ප්‍රකාශයට පත් කෙරෙන ජනහමුව කැඳවා තිබීම ද විශේෂ සිද්ධියකි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් බදුල්ල නගරයේ පැවැත්වෙන මෙම ජනහමුවට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් සහභාගී වීමට නියමිත බවද පැවසේ.

රැස්වීමට යාම එජාප නායක තහනම් කරයි

කෙසේවුවද, මේ රැස්වීම තැබුවහොත් හා එම රැස්වීමට සහභාගිවන පිරිස පක්ෂයෙන් නෙරපා හැරීමට එජාප නායකත්වය තීරණය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් එහි ප්‍රධානීන්ට මේවන විට දන්වා ඇති බවත් පැවසේ.

රැස්වීමට යන අයගේ ඇමතිකම් සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකි බවද මේ අතර වාර්තා වේ.

සජිත් එනවා ! - Flash Back සංගීතය සමඟින්

මේ අතර හරීන් ප්‍රනාන්දු මහතා විසින් සජිත්ගේ පැමිණීම සම්බන්ධයෙන් බදුල්ලේ වැසියන් දැනුවත් කිරීමට යොදාගෙන ඇති පොස්ටරය ෆෙස්බුක් සමාජ ජාලය තුළ හාස්‍යට පක්ව තිබේ.

එහි ඇති "සජිත් එනවා ! - Flash Back සංගීතය සමඟින්” යන කොටස් මෙලෙස හාස්‍යට ලක්ව ඇත.

 

සබැඳි පුවත්

සජිත් වෙනම ඉල්ලීමට සැරසෙයි : 12 දා නිල ප්‍රකාශය?

“විස්සයි 20ට අපෙන් සජිත්” පෝස්ටරට සජිත් අවුලෙන් : රනිල් ජනපතිවරණයට එන්නෙ නෑ

එජාප ජනපති අපේක්ෂකයා සජිත් !

අජිත්ගේ ලිපිය : සජිත්ගේ 18 වංගුව

ගෝඨා සජිත් කඳුවුරු දුරුවල වෙයි : දෙන්නම පසු බසියි

ජූලි 07 දා මංගලගේ වේදිකාවෙන් සජිත් ජනපති සටන අරඹයි?

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top