Aug 09, 2019

සජිත්ව ඕන කියන පසුපෙළ මන්ත්‍රීලා 13 : හරීන් රැල්ලට බය වෙලා!

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස විය යුතු බවට, එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායම අද (09) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී තීන්දු කර ඇති බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදා තිබේ.

මෙම අවස්ථාවට එක්වු පසු පෙළ මන්ත්‍රීවරු විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා ලෙස වහාම ප්‍රකාශයට පත්කොට මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ යුතු බවට ඒකමතිකව යෝජනා කර ඇති බවද එහි දැක්වේ.

එසේම මැතිවරණ සටන මෙහෙයවීමට පක්ෂය පූර්ණ බලතල සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බවට ඔවුන් යෝජනා කර ඇතැයි පැවසේ.

ලක්ෂ්මන් විජේමාන්න, එස්. එම් මරික්කාර්, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ, චමින්ද විජේසිරි, ඉම්රාන් මහරූෆ්, කේ.කේ. පියදාස, විජේපාල හෙට්ටිආරච්චි, ඒ. විජයතුංග, සිඩ්නි ජයරත්න, රෝහිණී කවිරත්න, තුෂාර ඉඳුනිල්, ආශු මාරසිංහ යන මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවේදී සහාය පළකර ඇතැයි පැවසේ.

නාවට සජිත්ට කැමැති කට්ටිය

එම අවස්ථාවට එක් නොවුවද හර්ෂණ රාජකරුණා, සන්දිත් සමරසිංහ, තුසිතා ජයමාන්න, බන්දු ලාල් බණ්ඩාරිගොඩ, සුජිත් සංජය, ශාන්ත අබේසේකර, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සියලු දෙනා ද ඒ සඳහා තම එකඟත්වය පළ කර ඇති බව අජිත් පී. පෙරේරා මහතා සිය සටහනේ දක්වා තිබේ.

සජිත් බදුලු යන පළමු සැරේ

මේ අතර, ලබන 12 වැනිදා සජිත් ප්‍රේමදාස මහතාට බදුල්ලේ රැයක් තියන හේතුව පැහැදිළි කරමින් හරීන් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දක්වා ඇත්තේ සජිත් ඇමතිධූරයට පත්වීමෙන් පසුව පළමුවරට බදුල්ලට පැමිණෙන බැවින් විල්ස් පාර්ක් පිටියේදී රැළියක් පවත්වන බවයි.

කෙසේවුවද, මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණේ ප්‍රේමදාස මහතා එම රැලියේදී ජනපති අපේක්ෂකයා ලෙස තරග වැඳීමට සූදානම් බව ප්‍රකාශ කිරීමට සූදානම්වන බවයි.

 සබැඳි පුවත්

සජිත් වෙනම ඉල්ලීමට සැරසෙයි : 12 දා නිල ප්‍රකාශය?

“විස්සයි 20ට අපෙන් සජිත්” පෝස්ටරට සජිත් අවුලෙන් : රනිල් ජනපතිවරණයට එන්නෙ නෑ

 

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top