Aug 11, 2019

හජ් උත්සවට කුකුලන් ප්‍රවාහනය කළ ලොරියක් හැපී 2ක් මරුට (ඡායා)

මඩකලපුව කල්මුනේ ප්‍රධාන මාරගයේ නාවට්කුඩාහි අද (11) උදෑසන සිදුවුණු රිය අනතුරකින් දෙදෙනෙකු ජිවිත්ක්ෂයටපත්වී දෙදෙනෙකු තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.

තුවාල ලැබූ එක් අයකුගේ තත්ත්වය බරපතල බව පැවසේ.

හජ් උත්සව සමය සදහා එරාවුර් සිට කාත්තාන්කුඩියට කුකුලන් ප්‍රවාහනය කල කුඩා ප්‍රමාණයේ වාහනයක් ඉදිරියෙන් ගමන්කල ටිපර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

ඉදිරියෙන් ගමන් කල ටිපර් රථයේ ටයරය පිපිරීම නිසා එම රථයේ වේගය අඩාලවී ඇති අතර කුකුලන් පටවාගෙන පිටුපසින් පැමිණි කුඩා ලොරියට අධික වේගය හේතුවෙන් එය නතරකර ගැනීමට නොහැකිවීමෙන් මේ අනතුර සිදුව තිබේ.

අනතුරින් කුඩා ලොරියේ රියදුරු ඇතුළු දෙදනෙකු මරුමුවට පත්ව එක අයෙකු බරපතල තුවාල ලබා ඇත.

Lorry A 725px

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top