Aug 12, 2019

මෛත්‍රීගේ තුරුම්පුව : මහින්ද නාමල් ඇතුළු මන්ත්‍රීවරු 60ක මන්ත්‍රීකම් ඉවරයි Featured

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගැනීමත් සමඟ ඒ මහතා, ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරු 60 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දුවක් ගැනීමට සූදානම් වන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේවන විට පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්කරණ මන්ත්‍රී ලයිස්තුව හා ඒ වෙනුවට පත්කරනු ලබන ලයිස්තුව යන දෙකම සකස් කර ඇති බවත් එය ඉදිරියේදී එක්සත් ජනතා සන්ධාන ලේකම් මහින්ද අමරවීර මහතා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට බාරදීමට නියමිතව ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 95 දෙනෙකුගෙන් 60 දෙනෙකුට ආසන්න පිරිසක් පොහොට්ටු සාමාජිකත්ත්වය ලබාගෙන ඇති බව පැවසේ.

වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගත හොත් දැනට පක්ෂ සාමාජිකත්වය දරණ පක්ෂයෙන් ඉවත් කිරීමට එම පක්ෂයට හැකියාව ඇති අතර එවිට ඔවුන්ගේ මන්ත්‍රී ධූරයද අහෝසි කිරීමට හැකියාව පවතී.

View the embedded image gallery online at:
https://sinhala.srilankamirror.com/news/20829-60#sigProIdd4c33415cc

එජාපයෙත් සහය

මේ අතර, මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත්වීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් නිර්මාණය වී ඇති බව ඉදිරියේදී කථානායකවරයාටද දැනුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ මුජුබර් රහුමාන් මහතා කියා සිටී.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී.

පොහොට්ටුව අධිකරණයට

කෙසේවුවද, පොහොට්ටු සාමාජිකයන් ශ්‍රීලනිප සාමාජිකත්වය අහෝසිකළ හොත් එයට විරුද්ධව අධිකරණයට ගොස් වාරණ නියෝග ලබා ගැනීමේ සූදානම ඇතිව මෙසේ පොහොට්ටු සමාජිකත්වය ලබාගෙන ඇති බවද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

සබැඳි පුවත්
මහින්ද පොහොට්ටු සාමාජිකත්වය නොගනියි !

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top